රෙදි සාප්පුවකින් රෙදි සොරා ගත් අක්කා නගෝ මාට්ටු වෙයි..

By Sithumi Dec 25, 2022 05:04 PM GMT
Report

මහනුවර සුපිරි රෙදි සාප්පුවකින් රුපියල් 20,000 පමණ වටිනා ඇඳුම් හොරා ගත් බව කියන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා. 

 එළඹෙන අලුත් අවුරුද්දට ඇඳීමට මෙම රෙදි හොරා ගත් බව සැකකාරියන් දෙදෙනා පවසා ඇති අතර අත්අඩංගුවට ගත් අක්කගේ වයස අවුරුදු 28 ක් වන අතර නංගිගේ වයස අවුරුදු විස්සක් පමණ වන බව මහනුවර මූලස්ථාන පොලිසිය පැවසුවා.