හිටපු ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියා නිසා රටටම වෙලා තියෙන ලොකුම විනාශයක්..
රටේ විවිධ වූ වංචා දූෂණ කලක සිට සිදුවන බවට කාලයක් පුරාවටම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා.
විශේෂයෙන්ම මේ වන විට රටේ ඒ ආකාරයෙන් සිදුවූ ක්‍රියාවක් හේතුවෙන් රටට අහිමි වූ දෙයක් පිළිබදව තවත් අනාවරණයක් සිදුව තිබෙනවා.
පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගෙන් හිටපු ඇමතිවරුන් කප්පම් ඉල්ලූ බව එම රටවල තානාපතිවරු පවසා තිබෙනවා.
එම නිසා එම ආයෝජන මෙරටට ලබා නොදුන් බවත් වියට්නාමයට සහ ඉන්දියාවට ලබා දුන් බවත් එම තානාපතිවරු විදේශ අමාත්‍යවරයාට දන්වා තිබුණා.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙන අතර මෙහිදි දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබුණේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන්තොටුපලට ඉන්ධන නළ මගින් ගෙන යාමට කැදවන ලද ගෙන යන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජනයකයෙක් දිනා ගත් නමුත් නොදන්නා හේතුවක් මත එය ක්‍රියාතමක කිරීමට නොදුන් බවයි.