විශ්වාස භංගයක් ගේනවද? ශ්‍රිලනීපයේ අදහස..

Srilanka
By Sithumi Apr 17, 2022 01:28 PM GMT
Report

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ නම් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ තනි පක්ෂයක උවමනාවකට විශ්වාසභංග ගෙන ඒමට නොහැකි බවයි. විශ්වාස භංගයේ අඩංගුව සම්බන්ධයෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැතිව හිස් කොළවලට අත්සන් තැබීමට සූදානමක් නැතැයිද හෙතෙම පැවසීය. සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now