යළිත් දිවයින පුරා වාර්ථා වන ඉන්ධන පෝලිම්..

By Sithumi Aug 26, 2022 06:04 PM GMT
Report

යළිත් දිවයින පුරා දිගු ඉන්ධන පෝලිම් වාර්තා වෙමින් පවතී.

විශේෂයෙන්ම ඩීසල් ලබා ගැනීම සඳහා මෙසේ පෝලිම් නිර්මාණය වී ඇත. 

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා නොදෙන නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි පෞද්ගලික බස් රථ හිමියන් සඳහන් කරන්නේ.

ඇතැම් ලංගම ඩිපෝ සඳහාද ඉන්ධන ලැබීම ප්‍රමාද වී ඇති බවද වාර්තා වේ. මේ අතර බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වන විට ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවයි.