කුප්පි ලාම්පුව පෙරළි නිවසක් ගිණිගත් ඇග කිලි පොලා යන කතාව... (VIDEO)

By Sithumi Jun 26, 2022 01:53 PM GMT
Report

කුප්පි ලාම්පුවක් පෙරළී නිවසක මුළුතැන්ගෙයක් ගිනිගෙන විනාශ වී තිබේ. අනුරාධපුර, යාපනය හංදිය ප්‍රදේශයේ නිවසක් එලෙස ගිනිගෙන ඇති අතර නිවසෙහි තිබූ සියලුම භාණ්ඩ ගිනිබත් වී ඇති බව අප වාර්තාකරු පැවසීය. 

 මුළුතැන්ගෙය තුළ ගබඩා කර තිබූ පෙට්‍රල් බූලියක් මතට කුප්පි ලාම්පුව පෙරළීමෙන් ගින්න හටගෙන ඇති බව නිවෙස් හිමියන් පවසයි. පසුව අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දමා තිබේ.

කුඩා දරුවන් සිටින බැවින් හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තිබූ පෙට්‍රල්වලට එලෙස ගිනි ඇවිළුණු බව නිවැසියන් පවසයි.