විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය කියන දේ..

By Sithumi Aug 29, 2022 04:46 PM GMT
Report

මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපති ජනතා රත්නායක මාධ්‍ය වෙත සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය මෙන්ම අනෙකුත් මාධ්‍ය තුළ ද විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත වන බව ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය වන අප විසින් නිරීක්ෂණය කර ඇත.

එම ක්‍රියාවලිය විදුලි ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් කෙරෙහි සමාජයේ අප්‍රසාදයක් හා වෛරයක් ඇති කිරීම සඳහා ඇතැම් පාර්ශවයන් විසින් සංවිධානාත්මකව සිදු කරන ලද ක්‍රියාවලියක එක් පියවරක් ලෙස අප හට පෙනී යන බවයි.

දැනට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලය සේවකයන් වෙත ලබා දෙන සියලුම වැටුප් සහ වරප්‍රසාද ඔවුන් විසින් සිදු කරන විශේෂිත වූ කාර්යයන් මෙන්ම ඒ වෙනුවෙන් ලබාගෙන ඇති විශේෂිත නිපුණතාවයන් පදනම් කොට අනිකුත් ආයතන වල එවැනි කාර්යයන් සදහා සිදුකරන ගෙවීම් හා සමගාමීව ලබා දී තිබෙන බව එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්,