ඩෙංගු මදුරුවන් මර්දනයට වෙනමම ක්‍රමවේදයක අවශ්‍යතාවයක්..?

By Sithumi Jan 06, 2023 04:47 PM GMT
Report

 නිවෙස් තුළ සිටින ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බව සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමය පවසනවා.  

දැනට ක්‍රියාත්මක තාප ධූමායන ක්‍රියාවලියට වඩා ශීත ධූමායන යෝග්‍ය බවයි එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ.  

බොහෝ රටවල් ඩෙංගු මර්දනය සඳහා ශීත ධූමායනය යොදා ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.