ළමා නිවාසයකින් ඇහුණු භයානක කතාව..

By Sithumi Aug 23, 2022 05:57 PM GMT
Report

ගාල්ල කිතුලම්පිටිය එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි ළමයන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු අද සවස පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබේ. 

 වයස අවුරුදු 10ක සහ 08 ගැහැණු ළමයන් දෙදෙනකු සහ අවුරුදු 12ක පිරිමි ළමයකු මෙසේ පලා ගොස් ඇත. මෙම ළමයන් තිදෙනා විදියේ සැරිසරමින් සිටියදි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයට යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.