තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අවාසනාවන්ත රිය අනතුර..
Sri Lanka Police
Anuradhapura
By Sithumi
අනුරාධපුර - තඹුත්තේගම මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේ ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරාන්තික රිය අනතුරක් සිදුව තිබෙනවා. එම රිය අනතුරින් අවාසනාවන්ත ලෙස තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 20 25 පසුවන මහගල්කඩවල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. කොළඹ සිට යාපනය බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් සහ මහගල්කඩවල ප්‍රදේශයේ ආයතනයක සේවය නිම වී නිවස බලා යමින් සිටි තරුණයන් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මළ සිරුරු තඹුත්තේගම රෝහලේ තැම්පත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.