මගේ ගෑනි පව් නැද්ද.. මහ මග ගැබිනි මවක් නිසා උණුසුම් වෙයි. පුද්ගලයෙක් මහ මග ඇද වැටෙයි..

By Sithumi Jun 10, 2023 02:07 PM GMT
Report

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී  මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව යතුරු පැදිකරු මෝටර් රථ  රියදුරුට අමානුෂික ලෙස පහර දී මෝටර් රථයට බරපතල අලාභ හානි සිදු කර තිබෙනවා.

යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයාගේ බිරිද ගැබිණි මවක් වීම නිසා ඇය අනතුරට ලක්ව තිබීමත් සමග ඇගේ ස්වාමියාට ඇතිවූ පීඩනයත් සමග පහරදීම සිදු කළා.

මෙහිදි පහර කෑ පුද්ගලයා මහ මග ඇද වැටී තිබුණා.

අනතුරුව ප්‍රදේශවාසීන් සහ යතුරුපැදිකරු අතර වූයේ උණුසුම් තත්වයක්..

එහිදී මගේ ගෑනී පව් නැද්ද කියමින් එම පුද්ගලයා දැඩි ලෙස ප්‍රදේශ වාසීන් සමග බහින් බස් වුණා.

අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ බවයි ප්‍රදේශ වාසීන් පැවසුවේ.