අද මෙරටට පැමිණි විශේෂ කෙනා..

Sri Lanka Narendra Modi India
By Sithumi Jan 19, 2023 01:19 PM GMT
Report

 ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. 

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද පැමිණ තිබේ.

මෙම පිරිස මාලදිවයින සංචාරයක් නිමා කර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඔවුන් ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස 02.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now