එක් අමාත්‍යාංශයක වාර්ථගත ආදායමක්..

By Sithumi Dec 25, 2022 12:58 PM GMT
Report

වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මේ වසර තුළ වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. 

 කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳ අනාවරණය වී ඇති බවයි සදහන් වන්නේ.  

ඒ අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් මිලියන 1,291ක් උපයා ඇති අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් මිලියන 414ක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 672ක් ද  රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,316ක් ද වශයෙන් ආදායම් උපයා ඇති බව වාර්තා වනවා.