සියල්ලන් හඬවා ගසකින් වැටී ළමා නිවාසයක දරුවෙකු ජීවිතක්ෂයට..!
වයස අවුරුදු දොළහක දරුවෙකු ඊයේ (01) දිනයේදී, මාදම් ගසකින් වැටී මියගොස් තිබෙනවා .ඒ කඩවත රම්මුතුගල මහා විහාරයට අනුබද්ධිත (ජපන් පන්සල) ශ්‍රී විමල වංශ ළමා නිවාසයේ ළමයෙකුයි.
පරිවාස භාරයෙන් සිටි මෙම දරුවා මීට වසර කිහිපයකට පෙර මෙම ළමා නිවාසය වෙත භාර දී තිබෙන බවයි සඳහන් වන්නේ. දරුවා ළමා නිවාසයේ සිටින තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ අදාළ මාදම් ගස තිබෙන ප්‍රදේශයේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.
අනිකුත් දරුවන් කිහිප දෙනෙකු බලා සිටිය දී එම ගසට නැග ඇති දරුවා එකවරම ගසෙන් ඇද වැටී මෙම අනතුර සිදු වූ බව යි වාර්තා වන්නේ. අඩි විස්සක පමණ උසකින් දරුවා ඇද වැටී ඇති අතර, ඉන්පසු අනිකුත් ළමුන් විසින් දරුවා ව ළමා නිවාසයේ ප්‍රධාන ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයට ගෙනවිත් තිබෙනවා.
කෙසේ නමුත් අනතුර සිදු වූ පසු දරුවා ව ඉතා ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමට පසුකම් තිබී නැති බව යි වාර්තා වෙන්නේ. පසු ව විහාරස්ථානය වෙත පැමිණි අසල්වැසියෙකුගේ වාහනයකින් දරුවාව රාගම රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහි දී දරුවා මිය ගොස් ඇති බව යි පොලිසිය පවසන්නේ. ආර්.එම්.මධුශංක නමැති මෙම දරුවාගේ මව කුඩා කාලයේ අතහැර ගොස් ඇති අතර, ඉන්පසු පියා වෙනත් කසාදයක් කරගෙන තිබෙනවා.
අදාළ කුඩම්මාට තවත් දරුවන් තිදෙනෙකු සිටින අතර, ගම්පහ නගරයේ මහමග සිටිය දී පොලිසිය විසින් දරුවා ව අධිකරණය වෙත ඉදිරිපත්කර පරිවාස භාරයට යොමු කර තිබෙනවා.
දරුවාගේ දේහය ගම්පහ පුද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු රාගම නැලිගම පොදු සුසාන භූමියේ දී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිත බව වාර්ථා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |