සිරිපා අඩවියේ ඔබ නොදත් තතු..
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන සමනල කන්ද කේතු හැඩැති කන්දකි. ලෝකයේ කඳු ශිඛර අප‍්‍රමාණව තිබේ. එහෙත් ශී‍්‍ර පාදස්ථානය පිහිටි ‘සමනල’ කන්ද තරම් ගෞරව සම්මානයට හා පූජනීයත්වයට පත් වූ වෙනත් ස්ථානයක් නැති බව පැහැදිලිය. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. වර්ෂයකට හය මසක් තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ වැඳුම් පිදුම්වලට ලක් වී ඇති ශී‍්‍ර පාදස්ථානය පිහිටි ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට අඩි 7420 කි.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ. සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක් පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක් මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක් පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක් සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය.
රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි. ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකිය. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ ශ්‍රී ලංකා අළු වඳුරා යි.
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි.
බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලක්දි වට වැඩම කල අවස්ථාවේ සමනල කඳු මුදුනේ උන් වහන්සේගේ වාම් සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය.
ශ්‍රී පාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පාන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද කරුණා කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.එය ඉර සේවය ලෙස හඳුන්වයි.
සමනොලගිර වැඳ පුදාගත් රජවරු පිළිබඳ සඳහන් සෙල්ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාජාවලිය, දඹදෙණි යුගයේ ලියවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ ගණනාවකද දක්නට පුළුවන. ශ්‍රී පාදය පිලිබඳ මුලින්ම ලිඛිත සාක්ෂි හමුවන්නේ 4 වැනි සියවසේ රචිත පුරාතන ග්‍රන්ථයක් වන දීපවංශයේය. දීපවංශයේ, ශ්‍රී පාදය හඳුන්වා ඇත්තේ 'සමන්ත කූඨ' ලෙසිනි.තවද 5 වැනි සියවසේ රචිත මහාවංශයේ, බුදුන් වහන්සේ ශ්‍රී පාද කඳු මුදුනට වැඩි බව සඳහන් වේ.
බු.ව. 236 වන විට ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් බවට පත්වි තිබේ. පොළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ පළමුවන විජයබාහු රජු විසිනි. "අඹගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා, කෝඩු, කිරි කෝඩු ,සැහැල්ලුව, හිමේ, කරුණාවයි, පේවීම, කට වරද්දා ගැනීම, කෝඩේ, අම්බලම, පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ගේ පිහිට ප්‍රාර්ථනා කරති. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල, ශ්‍රීපාදස්ථානයට අරක්ගෙන සිටින සුමන සමන් දෙවියන් විසින් ආරක්ෂා කරගෙන කඳු මුදුනේ වාසය කරයි.
අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |