රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.

Sri Lanka Army Ranil Wickremesinghe Russo-Ukrainian War Government Of Sri Lanka Sri Lankan Peoples
By Wayomi May 16, 2024 05:59 AM GMT
Report

විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් මෙරට ධූත පිරිසක් හැකි තරම් ඉක්මනින් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සඳහන් කළා.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීම සඳහා මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂෙණික දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වන බවයි.

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය ලංකික රණවිරුවන් ගැන රජයේ අනාවරණය. (VIDEO)

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය ලංකික රණවිරුවන් ගැන රජයේ අනාවරණය. (VIDEO)


මේ වන විට රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, රුසියානු යුක්‍රේන යුද්ධයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවයි.

එමෙන්ම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, රජයේ අවශ්‍යතාවය මත තමාට මෙම රණවිරුවන් ගෙන්වා ගැනීමට මැදිහත් විය හැකි බවත්ය. 

ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියැදුරු අසුනේදි ජීවිතක්ෂයට පත්වෙයි.

ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියැදුරු අසුනේදි ජීවිතක්ෂයට පත්වෙයි.


..........................................

May you Like