ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වෙනස් කළ සිංහයින් - ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Latest Headlines Decision Making
By krishani Feb 21, 2024 03:16 PM GMT
Report

නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වෙනස් කළ සිංහයින් - ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankan Cricketers In The Rankings

ඒ අනුව පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මිට පෙර ඔහු පිතිකරුවන් අතර 18 වන ස්ථානයේ රැදී සිටියේ ය.

ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී ඔහු ලකුණු 118ක් ලබා ගැනීමත් සමඟ ඔහු 18 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණ ඇත.

එමෙන්ම, පන්දු යවන්නන් අතුරින් එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව මහිෂ් තීක්ෂණට හිමිව ඇත්තේ 11 වන ස්ථානය වේ.

ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වෙනස් කළ සිංහයින් - ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankan Cricketers In The Rankings

මේ අතර, නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග පන්දු යවන්නන් අතර 02 වන ස්ථානයේත් මහිෂ් තීක්ෂණ 03 වන ස්ථානයත් හිමිව තිබෙනවා.

ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වෙනස් කළ සිංහයින් - ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක් මෙන්න.. (PHOTOS) | Sri Lankan Cricketers In The Rankings

තවද, නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර වනිඳු හසරංග දෙවන ස්ථානයට පැමිණ ඇත.