අම්බානි පුතුගේ මංගල්‍යයේ කෑම හදපු ලංකාවේ සූපවේදීන්. - (PHOTOS)

Sri Lanka Mukesh Dhirubhai Ambani
By Wayomi Mar 07, 2024 06:31 AM GMT
Report

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් පිරිස අද (07) ලංකාවට පැමිණියා.

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවය ගුජරාටි ප්‍රාන්තයේදී පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබුවා.

එම විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ලංකාවේ සූපවේදීන් 13 දෙනෙකු එක්ව සිටියා.

ඔවුන් Citrus හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ Citrus හෝටලයේ Ceylon Curry Club අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි.

මෙම සූපවේදීන් පිරිස පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන ඇති අතර මොවුන් අවන්හල තුළ දී ලංකාවටම ආවේනික වූ ආහාරපාන, නවතම ක්‍රමවලට පිළියෙල කර පාරිභෝගිකයින්ට ලබාදී ඇත.

මොවුන් අවන්හල තුළ දී ලංකාවටම ආවේනික වූ ආහාරපාන, නවතම ක්‍රමවලට පිළියෙල කර පාරිභෝගිකයින්ට ලබාදී තිබෙනවා.

මෙම සූපවේදීන් 13 දෙනා අතර එක් සූපවේදිනියක් ද ඇතුළත්.

ඔවුන් මාර්තු 3 වනදා ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවයට සහභාගී වන පිරිස සඳහා දිවා ආහාරය පිළියෙල කර ඇති අතර, ඔවුන්ගේ ආහාර සඳහා ලැබුණු ප්‍රතිචාර හේතුවෙන් තවත් අතිරේක දිනයක් ලෙස මාර්තු 4 වන මංගල උත්සව පැවති දින රාත්‍රියේ ද ආහාර පිළියෙල කරන වගකීම පැවරී තිබෙනවා.

එම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ "ජාම්" නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පැවැත්වුණා.

විවාහ මංගල උත්සවය සඳහා ශ්‍රී ලාංකික සූපවේදීන්ට අමතරව එංගලන්තය, ඩුබායි, චීනය සහ ඉන්දියාව නියෝජනය කරමින් ද පිරිසක් එක්ව සිට ඇත.  


GalleryGalleryGalleryGalleryGallery