මෙරට තරුණ තරුණියන්ට භයානක ආරංචියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

Ministry of Health Sri Lanka National Health Service
By Aruna Feb 22, 2024 06:10 AM GMT
Report

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාවේ ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙනවා.

මේ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍ය තනූජා දක්‍ෂිලි පතිරාජ පවසා තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසා ඇත්තේ කාන්තාවන්ට වැළදෙන ගැබ් ගෙල පිළිකා තත්ත්වය මේ වනවිට යම් තාක් දුරකට අඩුවී ඇති බවයි.