ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS)

Cricket Sri Lanka Cricket Zimbabwe national cricket team Sports Latest Headlines
By krishani Jan 14, 2024 01:47 PM GMT
Report

UPDATE :-

අද ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss

ඒ කඩුලු 3කින් ය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 46ක් රැස්කරගත්තේ ය.

මැතිව්ස්ට අගනා සහායක් ලබාදුන් දසුන් ශානක පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගනු ලැබුවේ හතරේ පහර 4ක් සමගින් ය.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss

අවසන් පන්දු 2ට ලකුණු 6ක් අවශ්‍යව තිබූ මොහොතේ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියේ ය.

ඉන් පසුව පිටියට පිවිසි දුෂ්මන්ත චමීර අවසන් පන්දු දෙකේ පළමු පන්දුවට කඩුලු රකින ක්‍රීඩකයාගේ හිසට ඉහළින් හතරේ පහරක් සහ අනෙක් පන්දුවට කඩුලු අතර දිවගොස් ලකුණු 2ක් රැස් කළේ ය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල බලපෑමක් එල්ලකළ සිකන්දර් රාසා පන්දුවාර 4කදී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත් අතර Blessing Muzarabani ලකුණු 33කට කඩුලු 2ක් දවාගත්තේ ය.

------------------------------------------------------

තරඟයේ ලංකාවට ජයග්‍රහණය කරා යන්න ලැබුණ ඉලක්කය - සම්පූර්ණ විස්තරය මෙන්න. (UPDATE)

මේ වන විට ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පැවැත් වේ.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 143ක් රැස් කරගනු ලැබීය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා ලකුණු 62ක් රැස්කරමින් සිම්බාබ්වේ ඉනිම ඉහළට එසැවීය.

එමෙන්ම, පන්දු 42ක දී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

කෙසේ වෙතත්, එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගනු ලැබීය. 

--------------------------------------------------

අද තරගයේ කාසියේ වාසිය තීරණය වෙයි..

අද (14) තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත් වේ.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ය.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.

මෙහි විශේෂත්වයක් වන්නේ කණ්ඩායම් දෙකම පන්දුවාර 20 තරගයක දී මෙලෙස හමුවන්නේ වසර 12කට පසුව වීමයි.

අවසන් වරට 2012 20-20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග වැදුණේ ය.

පළමු 20-20 තරගය අද ඇරඹේ.

පළමු 20-20 තරගය අද ඇරඹේ.


එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82ක ජයක් ලැබුවේ ය.

එමෙන්ම, මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පවත්වා ඇති 20-20 තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී විය.

කෙසේ වෙතත්, වනිඳු හසරංග 20-20 නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු ජාත්‍යන්තර 20-20 තරගාවලිය මෙය වේ.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,

Pathum Nissanka

Kusal Mendis

Kusal Janith Perera

Sadeera Samarawickrama

Charith Asalanka

Angelo Mathews

Dasun Shanaka

Wanindu Hasaranga (capt.)

Maheesh Theekshana

Dushmantha Chameera

Nuwan Thushara

Sponsored By Sarrita Jewellery

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS) | Sri Lanka Won The Toss

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery