ශ්‍රී ලංකා, සිම්බාබ්වේ පළමු එක්දින තරගය වහාම නතර කෙරේ..(UPDATE)

Cricket Sri Lanka Cricket Zimbabwe national cricket team
By Sewvandhi Jan 06, 2024 08:52 AM GMT
Report

UPDATE -;

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පළමු එක්දින තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නතර කෙරේ.

...........................................................................

අද (06) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මීට ටික වේලාවකට පෙර තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 273ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත් අතර සදීර සමරවික්‍රම ලකුණු 41ක් ලබා ගත්තේය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 101ක් රැස් කළේය.

අද දිනයේ එක්දින වරම් හිමිකරගත් ජනිත් ලියනගේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 24කි. දසුන් ශානක පන්දු 19කට මුහුණ දෙමින් ලකුණු 08 ක් පමණක් ලබාසිටියදී දැවී ගියේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 274කි.

....................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම,  ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන