තියුණු තරඟයකින් පසුව විශිෂ්ට ජයග්‍රහණයක් - ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ගේ දෙනෙතට කඳුළු ගලා එන මැච් එකේ විස්තරය මෙන්න.. (UPDATE/PHOTOS)
UPDATE:-
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති 03වැනි සහ අවසන් පන්දුවාර 20/20 තරගයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය.
මෙම තරගය බංග්ලාදේශයේ Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ Dhananjaya de Silva ලකුණු 08ක්ද, Kusal Mendis ලකුණු 86ක්ද, Kamindu Mendis ලකුණු 12ක්ද, Wanindu Hasaranga ලකුණු 15ක්ද, Charith Asalanka ලකුණු 03ක්ද, Angelo Mathews ලකුණු 10ක්ද, Dasun Shanaka ලකුණු 19ක්ද Sadeera Samarawickrama නොදැවී ලකුණු 07ක්ද, ලබා ගත්තේ ය.
පන්දු යැවීමේදී Rishad Hossain සහ Taskin Ahmed කඩුලු 02බැගින්ද, Shoriful Islam සහ Mustafizur Rahman එක කඩුල්ල බැගින්ද දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක් හිමි විය.
පන්දුවාර 19යි පන්දු04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණක් වේ.
එහිදී Litton Das ලකුණු 07ක්ද, Soumya Sarkar ලකුණු 11ක්ද, Najmul Hossain Shanto ලකුණු 01ක්ද, Jaker Ali ලකුණු 04ක්ද, Mahedi Hasan ලකුණු 19ක්ද, Rishad Hossain ලකුණු 53ක්ද, Taskin Ahmed ලකුණු 31ක්ද, Shoriful Islam ලකුණු 04ක්ද, Mustafizur Rahman නොදැවී ලකුණු 07ක් ද ලබා ගත්තේ ය.
Nuwan Thushara පන්දු යැවීමේදී පළමු පන්දුවාරයේදීම කඩුලු ත්‍රිත්වයක් (hat trick) සමඟින් සමස්ත කඩුලු 05ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 05වැනියා වීමට සමත් විය.
මේ අතර, නායක Wanindu Hasaranga කඩුලු 02ක්ද, Maheesh Theekshana, Dasun Shanaka, Dhananjaya de Silva එක කඩුල්ල බැගින්ද දවා ගනු ලැබීය.
කෙසේ වෙතත්, ඒ අනුව 01-02ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ලකුණු 28කින් ජයග්‍රහණය කරනු ලැබිය.
-------------------------------------------------
තීරණාත්මක අද තරඟයේ සිංහයින්ගෙන් බංග්ලාදේශයට ලැබුණ ඉලක්කය.. (UPDATE/PHOTOS)
අද (09) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන 03වැනි සහ අවසන් පන්දුවාර 20/20 තරගයේ දී පළමුව පන්දුවට ශ්‍රී ලංකා කණ්ඩායම පහර දුන්නේ ය.
එහිදී ශ්‍රී ලංකාව ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී යාමෙන් අනතුරුව ය.
බංග්ලාදේශයේ Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ Dhananjaya de Silva ලකුණු 08ක්ද, Kusal Mendis ලකුණු 86ක්ද, Kamindu Mendis ලකුණු 12ක්ද ලබා ගත්තේ ය.
එමෙන්ම, Wanindu Hasaranga ලකුණු 15ක්ද, Charith Asalanka ලකුණු 03ක්ද, Angelo Mathews ලකුණු 10ක්ද, Dasun Shanaka ලකුණු 19ක්ද Sadeera Samarawickrama නොදැවී ලකුණු 07ක්ද, ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී Rishad Hossain සහ Taskin Ahmed කඩුලු 02බැගින්ද, Shoriful Islam සහ Mustafizur Rahman එක කඩුල්ල බැගින්ද දවා ගනු ලැබීය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක් හිමි ය.
කෙසේ වෙතත්, මේ වන විට කණ්ඩායම් දෙකම 01-01ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වේ.
-------------------------------------------------
අද තරඟයේ කාසියේ වාසිය තීරණය වෙයි..
අද (09) ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තෙවන සහ අවසන් 20 යි 20 තරගය පැවැත් වේ.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කළේ ය.
කෙසේ වෙතත්, තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කරමින් මේ වනවිට සම තත්ත්වයේ පසු වේ.