අද මෙරට ප්‍රදේශ රැසකට රාත්‍රී 10.30 දක්වා සංචරණ සීමා පනවයි..හදිසියේ ගත් විශේෂ තීරණය මෙන්න.

Sri Lanka Ministry of Defense Sri Lanka
By Aruna Apr 24, 2024 12:41 AM GMT
Report

අද (24) දින මෙරට නගර කිහිපයක විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.

ඒ, උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන්.

ඒ අනුව, අද (24) පස්වරු 2 .00 සිට 3.00 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියා.

එහිදී මාර්ගය දෙපසටම වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි න5 නැහැ.

එම කාලයේ දී අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල්මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබෙනු ඇති බවයි පැවසෙන්නේ..

පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙන අතර පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපතිකාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබීමටයි සැලසුම් කර ඇත.

නැවත රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබීමට නියමිත බවයි පැවසෙන්නේ.

පොලීසිය සඳහන් කළේ, රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බවයි.

අද උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසාතැබෙන බව සඳහන්.

එසේම පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා කියා සිටියේ, දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන අතර මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවන බවයි.

ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටුපලින් මෙරට පැමිණෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.