ශ්‍රී ලංකා රුපියලට ලෝකයේ ඉහළ තැනක් හිමි වෙයි..මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee
By Aruna Apr 27, 2024 04:59 AM GMT
Report

මෙම වසරේ අප්‍රේල් 26 දක්වා වූ කාලය තුළ රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වී තිබෙන බව වාර්තා වනවා.

එමෙන්ම මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ, අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි.

ඒ අනුව, රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 20 කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 11 කින්ද අතිප්‍රමාණ වී තිබීම විශේෂත්වයක්.

මහ බැංකුව සඳහන් කළේ, යුරෝවලට සාපේක්ෂව සියයට 12.6 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.2 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි.