ඉදිරි සති 02ක ගැන අනතුරු ඇඟවීමක්..යළිත් රට වහන්න වෙයි??..

Covid Sri Lanka Lock down Healthy Keheliya rabukwella Chandima jeewandara
By Aruna Jan 03, 2022 08:04 AM GMT
Report

තවත් සති දෙකකින් මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි අනතුරු අඟවා තිබෙනවා.

මෙම තත්ත්වය මත විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයන්ට ගුවන් තොටුපළේදී සිදුකරනු ලබන ඇන්ටිජන් පරික්ෂණ මගින් කොවිඩ් අසාදිත බවට තහවුරු වන්නේ නම් ඔවුන්ගේ ජෛව සාම්පල ජාන විශ්ලේෂණ පරික්ෂණ සඳහා යොමු කරන බව වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.

එසේ ජාන පරික්ෂාවට යොමුකරන්නේ කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීම සඳහාය.

මේ අතර ඔමික්‍රෝන් ඩෙල්ටා වයිරසයට වඩා තුන්ගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවටද පර්‌යේෂණ වලින් හෙළිවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ වන විට ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයන් හතළිස් අටදෙනකු කොළඹ, ගම්පහ සහ අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් හමුවී තිබේ.

එම ආසාදිතයන් හතළිස් අටදෙනාගෙන් එක් ආසාදිතයකු පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අනාවරණය වී ඇති අතර සෙසු ආසාදිතයන් හතළිස් හත්දෙනා කොළඹ , ගම්පහ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් හමුවී තිබේ.

එම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් විදෙස්ගතව පැමිණි පිරිස වන අතර සෙසු ආසාදිතයන් ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.

එසේම රටේ ඔමික්‍රොන් ව්‍යාප්තවෙමින් පවතින නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගැනීම වැදගත් බව ප්‍රකාශ කෙරේ.

මේ අතර උත්සව සමයේ ජනතාවගේ හැසිරීම හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක් ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි.

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා සාප්පු සංකීර්ණවලට යාම සහ විනෝද චාරිකා යාම හේතුවෙන් කොවිඩ් සීග්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

මෙසේ රටපුරා ඉදිරි සති දෙන තුළ ඔමික්‍රෝක් වෛරසය පැතිර ගියහොත් යළි රට වසා තැබීමට සිදු විය හැකි බවද බොහෝ දෙනෙකු තුළ විශ්‍වාසයක් පවතී.

කෙසේවෙතත් නැවත යළි රට වැසීමක් සිදු නොකරන බවයි දේශපාලන අධිකාරීන් පවසනනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now