නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වන්නේ මෙහෙමයි.. ?

President Cabinet srilankan politics
By krishani Apr 17, 2022 05:17 AM GMT
Report

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අද (17) හෝ හෙට (18) දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරුවේ පැවැත්වීමට ද නියමිත බව සඳහන් විය.

නව අමාත්‍ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 15 දෙනෙකු පමණක් පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පත් නොකෙරෙනු ඇති බව ද වාර්තා වේ.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව, නවක මුහුණු නව කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇති බව ද වාර්තා විය. කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍ය ධුරයන් ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(16) පස්වරුවේ පැවැත්වුණි.

කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති අතර පස්වරු 05ට පමණ ආරම්භ වූ සාකච්ඡාව රාත්‍රී 07 පමණ දක්වා පැවති බව සඳහන් වේ.

කෙසේවෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකිරීම හිටපු අමාත්‍යවරුන් ප්‍රතික්ෂේප කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join