උසස් පොලිස් නිලධාරින් 10 දෙනෙක් සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka Police
By krishani Jan 06, 2023 06:07 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරින් 10 දෙනෙකු සදහා ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

ඒ අනුව නීති දිසාව සහ මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කේ.වී.ඩී.ඒ කරවිට මාරුකර ඇත්තේ අපරාධ දිසාව භාරවය.

රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජේ.පී.ජී ජයසිංහ මත්ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

මත්ද්‍රව්‍ය දිසාව භාරව පත්කර සිටි නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

මෙයට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙක්, පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join