හදිසියේම පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට පොලිසිය ඇතුල් වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 29, 2022 05:00 AM GMT
Report

අද (29) දින පෙරවරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබේ.

එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කිසිදු හේතුවක් නොදන්වා පොලිස් කණ්ඩායමක් පැමිණ කාර්යාලය සෝදිසි කිරීමකට ලක් කළ බවයි.

කෙසේවෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නිකුත් කර ඇති වරෙන්තුවක් හේතුවෙන් එම කාර්යාලය මෙලෙස පරීක්ෂා කළ බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join