පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් දේශපාලනයෙන් සමුගනී - රටින් පිටවෙන්න වීසා ඉල්ලයි…
Sri Lanka
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර කලකිරුණු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී දේශපාලනය නොකරන බව දැනටමත් ප්‍රකාශකර ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් ඒ පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ සහ අලුත් පෙරමුණු වටා ඒකරාශීවී සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |