පාර්ලිමේන්තුව ආසන්නයට ආයුධ සන්නද්ධ පිරිසක්..ආරක්ෂක අංශ වෙඩි තියන්න සූදානම් වෙයි..
Sri Lanka Army
Parliament of Sri Lanka
Sri Lanka
By Aruna
මේ වන විට පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් පිරිසක් අතර යම් ගැටුමක් ඇතිවීමට දැඩි අවධානම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.
ඒ අනුව ආරක්ෂ අංශ නිලධාරීන් කිහිපදෙනෙකු විරෝධතාකරුවන් විසින් ග්‍රහණයට නතුකර ගෙන තිබෙන බවද වාර්තා වේ.
තවද විරෝධතාකරුවන් සතුව ආයුධ පවතින බවත් වාර්තා වේ.
මේ තත්ත්වය පාලනය කරන්නට ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවේ.
මෙවැනි භයානක තත්ත්වයක් තුළ යම් ආකාරයකින් වෙඩි හුවමාරුවක් සිදු වුවහොත් මිනිස් ජීවිත හානියක්ද සිදු විය හැකි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |