අද පාර්ලිමේන්තුවේ සිදුවූ විශේෂ දේ මෙන්න.(LIVE)/(UPDATED)
Updated
කැබිනට් සංශෝධනයෙන් පසුව පළමු වරට අද (19) පාර්ලිමේන්තුව රැස් වුණා.
මේ අතර නව කැබිනට් අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දීමෙන් අනතුරුව අද පැවැති පළමු පාර්ලිමේන්තු සභා වාරයට ඊයේ දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන් සිවුදෙනකු ම මේ වනවිට පැමිණ නොමැති බව වාර්තා වනවා.
එමෙන්ම අද පැවති පාර්ලිමේන්තු සභා වාරය තුළ පවතින රජයෙන් බිඳී ගොස් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි ගැනීම විශේෂ සිදුවීමක්.
මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහදෙනකු සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් තිස් තිස් නව දෙනෙකු මෙලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.
එමෙන්ම, තමන් ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත් බව පාර්ලිමේන්තු විවාදයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවා.
අද දිනයේ විශේෂ සිදුවීම වූයේ පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ට වන ප්‍රධාන මාර්ගය බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් සහ අනෙක් පසින් සම්පූර්ණයෙන්ම මාර්ග බාධක යොදා වසා දමා තිබීමයි.
මේ හේතුවෙන් කොට්ටාව බොරැල්ල සහ කඩුවෙල-කොල්ලුපිටිය මාර්ගයේ ගමනා ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
ඒ සමගම බත්තරමුල්ල අවට අධික රථ වාහන තදබදයක් ද මතු වී ඇති බවයි වාර්තා වන්නේ.
...........................................
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය..කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්.(LIVE)
කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට ආරම්භ වුණා.
මේ අතර මෙරට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර දිවුරුම් දී සිටි පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ට මීට පෙර පැවති රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව ඇති බව වාර්තා වෙයි.
මීට අමරතව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් සීතා අරඹේපොළ මහත්මිය අධ්‍යාපන සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් පත්කර ඇති අතර විජිත බේරුගොඩ මහතා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.
මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යාවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට කැමති පක්ෂවලට ඒ සඳහා අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට එකඟතාව පළ වී තිබෙනවා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක හමුවේදී එම එකඟතාවට එළඹි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |