කථානායක අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන්න යයි.(LIVE)

Sri Lanka Parliament Political Mahinda yapa Dinesh gunawardhane
By Aruna Apr 19, 2022 04:34 AM GMT
Report

කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට ආරම්භ වුණා.

මේ අතර මෙරට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර දිවුරුම් දී සිටි පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ට මීට පෙර පැවති රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව ඇති බව වාර්තා වෙයි.

මීට අමරතව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් සීතා අරඹේපොළ මහත්මිය අධ්‍යාපන සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් පත්කර ඇති අතර විජිත බේරුගොඩ මහතා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යාවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට කැමති පක්ෂවලට ඒ සඳහා අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමට එකඟතාව පළ වී තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක හමුවේදී එම එකඟතාවට එළඹි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now