අද සවස පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දේ මෙන්න..(parliament Live)
සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු රැස්වීම් අද (05) පෙරවරු 10.00 ට ආරම්භ වූ අතර පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරුණා.
ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා වෛද්‍ය ආඥාපනත යටතේ වන රෙගුලාසි සහ ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතයට එරෙහි සම්මුතිය යටතේ ඇති රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.
රජයේ කටයුතු අවසන් වූ වහාම අධිකරණයට අපහාස කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කෙරේ.
ඒ අනුව පස්වරු 4.30 සිට කාලය ලබා දී ඇත.
4.50 දක්වා. රජය විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව.4.50 සිට පැවැත්වේ. 5.30 දක්වා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා ද අස්වී තිබෙනවා.
පාර්ලිමේන්තුව සජීවීව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |