විශේෂ බද්දක් ගැන පාර්ලිමේන්තුවේ දී ගත් තීරණය මෙන්න..

Sri Lanka politics parliament tax Ranjith Siyabhalapitiya
By Sewvandhi Mar 26, 2022 02:46 AM GMT
Report

අධිභාර බද්ද පනත් කෙටුම්පතේ දෙවනවර කියවීමේ විවාදය ලබන අප්‍රේල් මස 7 වනදා සිදු කිරීමට තීරණය වී තිබේ.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මීට අමතරව පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් මස 5 වනදා සිට 8 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.

අප්‍රේල් මස 6 වනදා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සහ අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now