තනතුරු භාරගත් නිදහස් පක්ෂයේ සාමාජිකයන් ගැන හිටපු ජනපතිගෙන් දැඩි තීරණයක්..!

SLPP Srilanka Freedom Party Maithripala Sirisena Sri Lanka Politician Sri Lanka
By Sithumi Jun 01, 2022 10:10 AM GMT
Report

රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ දරණ සියලු තනතුරුවලින් ඉවත් කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්ෂයක් ලෙස සහය දක්වන බවයි.

එම තීරණයට පටහැනිව රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල දරන සියලුම තනතුරු වලින් ඉවත් කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වූ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා අදාළ නිවේදනයෙන් පෙන්වා දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now