නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංස්ශෝධනයට අනුමැතිය හිමිවෙයි..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. මහරගම - තරුණ සේවා සභා පරිශ්‍රයේ මේ වනවිට පැවැත්වෙන එම පක්ෂයේ 71 වන සංවත්සරයට සමගාමීව කැඳවා තිබූ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදියි මෙම අනුමැතිය හිමිවුණේ.
පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් අදාළ යෝජනා සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කළ අතර, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අදාළ ඡන්ද විමසීම සිදුකරනු ලැබුවා. එහි දී සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට අත් ඔසවා ඊට පක්ෂ බව සඳහන් කරන ලෙස සභාපතිවරයා දැනුම් දුන්න අතර, බහුතරයක් සාමාජිකයන් අත් ඔසවමින් ඊට අනුමැතිය ලබාදුන් අතර, දැනට අමාත්‍ය ධුර දරණ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුලු කිහිපදෙනෙකු එලෙස කැමැත්ත පළ කරනු දක්නට ලැබුණේ නැහැ.
අනතුරුව, අකමැත්ත පළ කරන සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට අත් ඔසවන ලෙස පක්ෂ සභාපතිවරයා දැනුම් දුන්න ද කිසිවෙකුත් එම අවස්ථාවේදී අත් ඔසවා අකමැත්ත පළ කිරීමට ද කටයුතු කළේ නැහැ. ඒ අනුව පක්ෂ සභාපතිවරයා නිවේදනය කළේ පක්ෂ ව්‍යවස්ථාවේ සශෝධනයන්ට අදාල යෝජනා සමස්ත ලංකා කාරක සභාවේ දී ඒකමතිකව අනුමත වූ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |