ඉදිරි සති 03 ගැන විශේෂ දැනුම් දීමක්...ජූලි 22 තෙක් සිදු වනදේ මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Fuel Crisis Sagala Ratnayaka
By Aruna Jun 29, 2022 11:09 PM GMT
Report

ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට‍්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බව අග්‍රාමාත්‍ය උපදේශ සාගල රත්නායක මහතා සදහන් කරනවා.

ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් ඇතැයිද ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීය.

එම සාකච්චාව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.

මේ අතර අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පුවත්පත් කර්තෘ වරුන් සමග පැවති සාකච්ඡාවකදීය.

අද ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආර්ථික අර්බුදය 1969 දී පැවති කෝපි ආර්ථිකය කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ ඔහු මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒම කළමනාකරණයේ දුර්වලතා නිසා සිදු වූ දෙයක් බවද තව දුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now