ලබන 18 සදුදා කරන්න යන අලුත්ම වැඩේ මෙන්න!!..දේශපාලන පෙරළියක්?..
ලබන 18 වැනි දින කැබිනට් මණ්ඩලය පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වොෂින්ටනයේදී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත්තේද 18 වැනි දිනයි.
ඒ අනුව එදිනම කැබිනට් මණ්ඩලයද පත් කොට ආණ්ඩව ස්ථාවර බව ජාත්‍යන්තරයට පෙන්වීම මෙහි එක් අරමුණක් වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම එදිනට සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගැනීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
එමෙන්ම දැනට උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සහ අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන මහත්වරුන් තම ධුරවලින් ඉවත් වී වෙනම ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී රාජපක්ෂවරු සමඟ කිසිඳු ගනුදෙනුවක් නොකිරීමට සිය කණ්ඩායම තරයේ තීරණය කළ බවත් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන දයාසිරි ජයසේකර, විමල් වීරවංස, අතුරුලියේ රතන හිමි, තිස්ස විතාරණ යන අය අදහස් දැක්වීම සිදුකළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |