නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 44 ක් සොයා සිදුකළ නාවික හමුදා විශේෂ මෙහෙයුම..
නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ සැකකෙරෙන පුද්ගලයන් 44 ක් ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ මෙහෙයුමේදී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී පුද්ගලයන් 29 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.
නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවට ගොඩබිම සිට පුද්ගලයන් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් ද කුච්චවේලී වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයමුකදී හමුදා භාරයට ගෙන ඇත.
මීට අමතරව එම මුහුදු ප්‍රදේශයේදීම තවත් සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන පුද්ගලයන් 05 ක් සමග එම බහුදින ධීවර යාත්‍රාවද භාරයට ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ ය.
එමෙන්ම නීති විරෝධි ලෙස මෙරටින් සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැක කෙරෙන ලංකාපටුන වාලන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ රැඳී සිටි වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු ද අත්අඩංගුවට හෙන තිබෙන අතර මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව භාරයට ගත් පුද්ගලයන් පිරිස ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, හම්බන්තොට, වාලච්චේන, කල්මුනේ, සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |