ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාර්තාගත ජයක්..ජයසූරිය සහ ඩිල්ෂාන් තරඟයක් කනපිට ගසයි..

Sri Lanka Cricket Sri Lanka
By Aruna Sep 27, 2022 10:56 PM GMT
Report

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයක් රායිපූර්හීදී මේවනවිට පැවැත්වෙනවා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් වුණා.

තිලකරත්න දිල්ශාන් පන්දු 30කදී ලකුණු 51ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මහේල උඩවත්ත පන්දු 27කදී ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගයි. සනත් ජයසූරිය පන්දු 25කදී ලකුණු 37ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම ලකුණු 70ක විශිෂ්ඨ ජයක්ග්‍රහණයක් ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now