මාස්ක් නැතිව රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම ගැන සූදානමක්?..සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම් දීමක්..
බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළගා වුවහොත් මුහුණු ආවරණ නොපැළඳ සිටීමට සහ උත්සව පැවැත්වීමට අවසර ලබාදෙමින් රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
තවත් කොරෝනා ආසාදිතයන් 1,273 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ 35,606 ක් දක්වා ඉහළ ගියා.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,969 ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් කොරෝනා මරණ 20 ක් ඊයේ (19) වාර්තා වීමත් සමගයි.
පවතින තත්ත්වය හමුවේ මේ වනවිට කොරෝනා මර්දන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පහසුකම් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, එන්නත්කරණයේ සාර්ථකත්වය සමග හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සාපේක්ෂ අඩුවීමක් නිරීක්ෂණය වන බවයි හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |