ශ්‍රීලනිපයට එරෙහි වාරණය දීර්ඝ කෙරේ..!
SLPP
Srilanka Freedom Party
Maithripala Sirisena
Nimal Siripala De Silva
By Sewvandhi
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් හා නිලතලවලින් ඉවත්කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාලමින්, ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ මධ්‍යම කාරක සභාවට නිකුත් කොට තිබූ වාරණ නියෝගය හෙට (23) දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ මෙම නඩුව කොළඹ දිසා අධිකරණය විසින් අද කැඳවූ අවස්ථාවේ. විත්තිකාර ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පැමිණිල්ල සමථයට පත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |