නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනපති සමග අද සිදු කරන්න යන වැඩේ මෙන්න..

president sri lanka freedom party Sri lanka sinhala news today trending news Mr.Gotabhaya Rajapakshe
By krishani Apr 10, 2022 06:27 AM GMT
Report

පක්ෂ එකොළහේ එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ලබාදුන් යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ආරාධනයක් ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අද (10) පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ එකොළහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනා 11 ක් ජනාධිපතිවරයා වෙත යොමු කළා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බව සඳහන්.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ එළඹෙන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ සියලු මන්ත්‍රී කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ එම සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහාය ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 41 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බව නිවේදනය කළේ පසුගිය 5 වැනිදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join