ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන සැලකිළිමත් වන්නැයි ඉන්දියාවෙන් දැනුම්දීමක්...

Sri Lanka India
By Aruna Aug 26, 2022 01:32 AM GMT
Report

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට බලාපොරොත්තු වන ඉන්දියානුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඉන්දීය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ඕනෑම අත්‍යවශ්‍ය ගමනක් සඳහා මුදල් යෑමට පෙර මුදල් හුවමාරු කටයුතු, සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක පරීක්ෂා කරන ලෙසයි.

ශ්‍රී ලංකාව ද ඇතුළුව ඉන්දියාවෙන් පිටත සිටින ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රධාන වැදගත්කමක් ලෙස සඳහන් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දාම් බාචි (Arindam Bagchi) පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සිටින විට ප්‍රවේශම් සහගතව හා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉන්දීය ජාතිකයින්ට උපදෙස් දී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

"ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිදුවන වෙනස්කම් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා.

ඉන්දියාවෙන් පිටත සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු ජාතිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රමුඛ වැදගත්කමක් දරයි," අපි හිතනවා මේ මොහොත් වන විටත් ශ්‍රී ලංකාවේ සිටින වැඩිම විදෙස් සංචාරකයින් ඉන්දියානුවන් කියලා" යැයි බාචී වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ, "අපි ඉන්දියානු ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ සිටින විට ප්‍රවේශම් සහගත ලෙස ක්‍රියා කරන ලෙස උපදෙස් දෙන්නෙමු.

ඔවුන් ගේ ඕනෑම අත්‍යවශ්‍ය සංචාරයක් සඳහා මුදල් හුවමාරු හැකියාව සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක පරීක්ෂා කළ යුතුය.

" එමෙන්ම අපගේ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධ වී සිටිනවා.

ශ්‍රී ලංකාවේ දී කිසිදු ඉන්දියානුවෙකුට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මම නොසිතමි.

ඒ සම්බන්ධයෙන් ද අපි ඉන්දීය ජාතිකයින්ට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා," ඔහු වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now