ශ්‍රී ලංකා ක්‍රිකට් සහ චන්දික හතුරුසිංහ ගැටුම නිමා වෙයි

Cricket Sports Latest Headlines Sinhala news Chandika Hathurusingha
By R.rishma Aug 10, 2026 11:37 AM GMT
Report

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වසර ගණනාවක් පුරා පැවැති නීතිමය ආරවුල දෙපාර්ශ්වයේ එකඟතාව මත අවසන් වී තිබේ.

ඒ අනුව, ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව ඉවත් කර ගැනීමට චන්දික හතුරුසිංහ එකඟ වී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට අමෙරිකානු ඩොලර් 164,000ක වන්දියක් ගෙවා ඇති බව වාර්තා වේ.

එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 55කට ආසන්න වේ.

චන්දික හතුරුසිංහ 2017 වසරේ දෙසැම්බර් මාසයේදී මාස 36ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබුණි.

කෙසේ වෙතත්, 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුව අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වසර ගණනාවක් පුරා නීතිමය ආරවුලක් පැවතිණි.