රට පුරා සතියක් කරන්න යන දේ මෙන්න.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගෙන් දැනුම් දීමක්.

Sri Lanka Covid vaccines Asela gunawardhane Ministry of healthy
By Aruna Jan 12, 2022 03:34 AM GMT
Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර ඊයේ (11) මෙරටින් කොරෝනා ආසාදිතයන් 623 දෙනෙකු හඳුනා ගත් අතර, පෙරේදා (10) සිදු වූ බවට තහවුරු කෙරුණු කොරෝනා මරණ සංඛ්‍යාව 15 ක්.

මේ මස 11 වනදා සිට 17 වනදා දක්වා එන්න්තකරණ සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී කොරෝනා මර්දන එන්නත් පළමු, දෙවන හෝ තුන්වන මාත්‍රා ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු පිළිබඳව බියවිය යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now