ලංකාවට චීනයෙන් ලැබුණු සහතිකය
Sri Lanka
Sri Lankan political crisis
China
France
By Sewvandhi
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරයේ දී සැමවිටම චීනය සහාය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර ,ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සංචාරක උපදේනයන් ඉවත් කර ඇත.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඉන්දියානුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළ අතර ඔවුන් ඉන්දීය පුරවැසියන්ට උපදෙස් දෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය ගමනක් සඳහා යෑමට පෙර මුදල් හුවමාරු කටයුතු සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක පරීක්ෂා කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |