පිටරටින් ලංකාවට ඇවිත් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.(PHOTOS)
ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් " ආරුගම්බේ " නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි .
මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයෙක් කියා සිටියා.
විශේෂයෙන්ම ආරුගම්භේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම ( Serfin) ඊශ්‍රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බවත් , එම තත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් ( Film Tourism Promotion ) ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවට , එම රටවල සිනමාකරුවන් , සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


