චීනයෙන් අපිට ලැබෙන්න යන අලුත්ම දේ ගැන හෙළිදරව්වක්..

sri lanka china Sinhala news today trending news Chinese loan assistance
By krishani Apr 12, 2022 09:36 AM GMT
krishani

krishani

in චීනය
Report

චීනයෙන් අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල නියමිත පරිදි හිමිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ එම කටයුතු ප්‍රගතියට පත්වෙමින් ඇති බවට චීන බලධාරීන් තමා වෙත සහතිකයක් ලබා දී ඇති බවය.

ශ්‍රී ලංකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2. 5ක ණයක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර ඉන් බිලියනයක් ලබන ජූලි මාසයට නියමිත චීනයෙන් ලබාගත් ණය යළි ගෙවීම සඳහා වන අතර ඉතිරි බිලියන 1. 5ක මුදල, ණය පහසුකමක් ලෙස ලබාගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

චීනය සමග ඉතා සමීප සබඳතා පවත්වන රටක් වන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී අවස්ථාවේ ඔවුන් ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වනු ඇති බවට ආචාර්ය පාලිත කොහොන මහතා විශ්වාසය පළ කරයි.

කෙසේවෙතත් එම ණය මුදල හිමිවන නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join