නීත්‍යානුකූල නොවන පරිදි විදේශගත වී සිටින සියල්ලන් ගැන දැඩි තීරණයක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්..
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කර ඇති බවයි.
මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
එම කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව පසුගිය 24 වැනිදා පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙක් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු අද (02) දිවයිනට පැමිණෙන බවය.
තානාපති කාර්යාලය මගින් කාර්යාංශයේ නීත්‍යානුකූලව ලියාපදිංචිය නොගත් සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි 18 දෙනෙකු අතරමංව සිට ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
ඔවුන් සේවය කළ සේවා ස්ථානයෙන් පැනයාම හේතුවෙන් එරට කම්කරු අමාත්‍යාංශය මගින් අසාධුලේඛනයට ද ඔවුන්ගේ නම් ඇතුලත් කර තිබේ.
එම නිසා අදාළ හාම්පුතුන්ගේ අවසරය මත ඔවුන් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින පිරිසක් වශයෙන් ඔවුන් මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් සැපයීම ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් සැලසිය යුතු බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |