එක් වෙනස්කමක් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශය හා දෙවන සටනට.

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team
By Wayomi Mar 06, 2024 08:32 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රීඩාංගණයේදීයි වන අතර මෙරට වේලාවෙන් ප.ව.5.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරග 3 කින් යුතු එම තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව තරග 1-0ක් ලෙසින් මේ වනවිට පෙරමුණේ පසුවනවා.

එම නිසාවෙන් අද පැවැත්වෙන තරගය ද ජය ගතහොත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

මේ අතර විස්සයි-20 තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම බංග්ලාදේශයට අනිවාර්ය වේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට එක් වෙනස්කමක් සමඟ ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.

එනම් පළමු තරගයේදී සිය එල්ලය සොයා ගැනීමට අසමත් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංඛ අද තරගය සඳහා කැඳවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත් අතර එම ජයග්‍රහණය සඳහා පිතිකරුවන් ලබා දුන් දායකත්වය වඩාත් හේතු වූ බව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියා සිටියා.

ඒ , එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි